Breaking News

Sunday, January 5, 2014

උතුරු බිමට යළි පායන බුදු දහමේ අරුණළු

ඔඩ්ඩිසුඩාන්හි අභිනවයෙන් ඉදිකළ සෑරදුන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කෙරේ

64 වන බල සේනාවේ නිලධාරීන් හා සෙබලුන්ගේ පූර්ණ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ ඉදිකරන ලද සෑරදුන්ගේ ධාතු ගර්භයෙහි ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම පසුගියදා සිදුකෙරිණ. බොදු බල සේනා තරුණ බලකායේ ප්‍රධානී හෝකන්දර උතුර රත්නාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය  කිරිගල්පොත්තේ චන්දානන්ද හිමියන්ගේ උපදේශකත්වයෙන් වෙළඳ ව්‍යාපාරික සරත් කාරියවසම් මැතිතුමාගේ පින්බර දායකත්වයෙන් එම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කරන ලදි. ඒ 14 වන සිංහ බල සේනාවේ අණ දෙන නිලධාරී කර්නල් වාස් ගුණවර්ධන මැතිතුමාගේ ඉල්ලීම පරිදිය. මෙම අවස්ථාව 64 වන බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

(ඡායාරූප - බොදු බල සේනා තරුණ බලකාය)













No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates