Breaking News

Tuesday, November 26, 2013

රාජ්‍ය ආගමට තර්ජනයක් නිසා ඇන්ගෝලාව ඉස්ලාමය තහනම් කරයි.

ක්‍රිස්තියානි බහුතරයක් සහිත නිරිතදිග අප්‍රිකානු රටක් වූ ඇන්ගෝලාව තුළ ඉස්ලාමය තහනම් කළ බවත්, රට පුරා ක්‍රියාත්මක වන සියළුම මුස්ලිම් පල්ලි වසා දමන ලෙස එරට බලධාරීන් නියෝග කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇන්ගෝලා ජනාධිපති ජෝස් එඩියුරාඩෝ සැන්ටොස් ගේ හා එරට සංස්කෘතික ඇමතිවරියගේ ප්‍රකාශ උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත පවසන්නේ  ඇන්ගෝලාවේ රාජ්‍ය ආගම වූ ක්‍රිස්තියානියට හා රටේ සාමයට ඉස්ලාමය බරපතල තර්ජනයක් ව ඇති බවින් දින නියමයක් නැතිව නැවත දැනුම් දෙන තුරු රට පුරා ක්‍රියාත්මක වන සියළුම පල්ලි හා ඉස්ලාමීය  කටයුතු වහාම නවතා දමන ලෙස එරට බලධාරීන් නියෝග කර ඇති බවයි. "මෙය ඇන්ගෝලාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදයේ අවසානය" බව එරට ජනපතිවරයා නිවේදනය කර ඇති බව ද වැඩිදුරටත් සදහන් වේ.

උතුරු හා මධ්‍යම අප්‍රිකානු කලාපය මේ වනවිට මුස්ලිම් අන්තවාදයේ දැඩි බලපෑමට ලක් ව තිබෙන අතර ඉතියෝපියාව, සෝමාලියාව, චැඩ්, සුඩානය, නයිජීරියාව වැනි රටවල නිරන්තර ආගමික ගැටුම් හා සුළුතරයක් වූ ක්‍රිස්තියානින්ට එරෙහිව මුස්ලිම් අන්තවාදීන් විසින් දියත් කරන වාර්ගික සංහාර හා අමානුෂික ප්‍රචන්ඩ ක්‍රියා ගැන නිරන්තරයෙන් ලෝක ජනමාධ්‍ය වාර්ථා කරයි. මුස්ලිම් ග්‍රහණයටත්, ඊට සාපේක්ෂව අන්ත දරිද්‍රතාවයටත් නතු වූ උතුරු, නැගෙනහිර අප්‍රිකානු කලාපයට සාපේක්ෂව ක්‍රිස්තියානි බහුතරය සහිත දකුණු හා නිරිතදිග අප්‍රිකානු කලාපය  තරමක් සාමකාමී බවක් මෙන්ම ආර්ථික හා තාක්ෂණික අංශයෙන්ද ප්‍රගතියක් දක්නට ලැබේ. නමුත් මේ වන විට උතුරුදිගින් ව්‍යාප්ත වූ මුස්ලිම් ජනගහන ව්‍යාප්තියත් ඊට සමගාමීව උත්සන්න වන ප්‍රචන්ඩත්වයත් නිසා බටහිර අප්‍රිකාවද ගිනියම් වී තිබේ.

18 වන සියවසේ  බටහිර අදිරාජ්‍යවාදී ආක්‍රමණ නිසාත්, තෙල් හා දියමන්ති ආකර ගවේෂණය සදහා පැමිණි යුරෝපීයයන් හා ඇමරිකානුවන් නිසා ක්‍රිස්තියානිකරණය ට ලක් වූවත් අප්‍රිකානු අදුරු මහද්වීපය සංචාරක හා නොකිළිටි ගෝත්‍රිකයන්ගේ නිජ බිම   විය. සියවස් ගණනාවක් තිස්සේ සයුරෙන් පැමිණි ක්‍රිස්තියානිකරණයත්, උතුරු දෙසින් පැමිණි සාහසික මුස්ලිම්කරණයටත් මැදි වූ අප්‍රිකානුවන්ගේ ආවේනික ඓතිහාසික අනන්‍යතාවය මුළුමනින්ම වළ දමා ඇතිවාක් මෙන්ම ජීවිත ඉරණම ද තීරණාත්මක සන්ධිස්ථානයකට පමුණුවා ‍තිබේ. ඒ අප්‍රිකානු මහද්වීපය ලෝක ආර්ථික දේශපාලනික බලයේ තීරණාත්මක සාධකය වූ තෙල් හා ස්වාභාවික සම්පත් ආකරයක් වීම නිසා පමණක් නොව, ක්‍රිස්තියානි ලෝකය හා අරාබි මුස්ලිම් ලෝකය අතර පවතින ඓතිහාසික වෛරයේ යුධ භූමියක් වී ඇති නිසාය.

අප්‍රිකාවේ තත්වය එසේ වුවද ක්‍රිස්තියානිකරණයේ හා මුස්ලිම්කරණයේ සෘජු බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාව ඇතුළු විශේෂයෙන් බෞද්ධ රාජ්‍යයන් තුළ ඇතිවෙමින් පවතින වාතාවරණය ද මීට දෙවෙනි නොවේ. ඉතිහාසයේ අන් කවරදාකවත් නැති තරමට අපගේ සිංහල මාතෘභූමිය දැවැන්ත මුස්ලිම්කරණ ව්‍යාප්තියකට යටත්ව ඇත. බහුතර සිංහල ජාතියේත් වසර දෙදහස් පන්සීයක් මේ බිමේ පසට පොළවට පවා ජීර්ණය වූ බෞද්ධ සංස්කෘතික පදනමත් දෙදරවන තරමට භූමියත්, ආර්ථික හා පරිපාලනයෙත් සෑම අංශයකටම පිළිකාවක් මෙන් ඔඩුදුවා අවසානය. ජාතික දේහය ගිලන් කරමින් මේ රටේ මහා ජාතියේ ආගම වූ ත් ව්‍යවස්ථාවෙනම් සුරක්ෂිත කර පෝෂණය කිරීමට නියම වූ බුද්ධාගමේ චිර පැවැත්මත් අභියෝගයට ලක් කරමින්  ඓතිහාසික උරුමය පවා මුලින් උපුටාදමමින් මුස්ලිම් අන්තවාදය එළි පිටත් ක්‍රිස්තියානි අන්තවාදය යටිබිම්ගතවත් ක්‍රියාත්මක වෙමින් පවන්නේ රටේ ඓතිහාසික උරුමක්කාරයන් වූ සිංහල බෞද්ධයන්ගේ දරුවන්ට කරුමක්කාර අනාගතයක පෙරනිමිති පෙන්වමිනි.

නමුත්... රටේ රාජ්‍ය ආගමේ අනන්‍යතාවය වෙනුවෙන් ඇන්ගෝලාවේ පාලකයින් සෘජු තීරණ ගත්තාට ලංකාවේ පාලකයින්ට එවැනි කොන්දක් නැතිවීම ජාතියේ කරුමයකි. ඇන්ගෝලාව පමණක් නොව බ්‍රිතාන්‍ය, රුසියාව, ඕසට්‍රේලියාව, ප්‍රංශය ඇතුළු ලෝකයට බලපෑම් කළ හැකි ප්‍රබල රාජ්‍යයන් පවා මුස්ලිම් ව්‍යාප්තවාදී අන්තවාදයේ බරපතලකම හැදිනගෙන ඊට ‍එරෙහිව වැට බදිත් දී අපේ රටේ එදා මෙදා තුර රටේ බලය ඇල්ලු පාලක පැලැන්තිය මුස්ලිම් අන්තවාදය පාලනය කිරීම පසෙක තබා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් එය පෝෂණය කරමින් රටේ අනාගතය වල පල්ලට දක්කති. ඡන්ද කුට්ටිය වෙනුවෙන් මුස්ලිමුන්ගේ දෙපතුල් ලෙව කෑමටත් තමන් සූදානම් බව ප්‍රසිද්ධියේ කියන විලිලැජ්ජාවක් නැති දේශපාලන ජඩයන්ගේ ආනුභාවයෙන් මුස්ලිම් අන්තවාදය  රටත් ජාතියත් ගිලන් කරමින් සිංහල දේශය ආක්‍රමණය කරති.

බෞද්ධ ලෝකය පමණක් නොව, ක්‍රිස්තියානිය ද මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් දැඩි ලෙස තර්ජනයට ලක්ව සිටී. නයිජීරියාව ඉතියෝපියාව ප්‍රමුඛ අප්‍රිකානු රටවලදී මුස්ලිම් අන්තවාදීන් අතින් බුරුතු පිටින් මැරුම් කන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් ය. කරුණු පෙළගැසෙමින් පවතින ආකාරයට අනාගතයේ අප රට තුළද තත්වය මීට වෙනස් ‍නොවිය හැකිය. නමුත්... සිංහල දේශවාසී ක්‍රිස්තියානී ප්‍රධානීන් මේ බරපතලකම අදුනාගෙන නැත. ඒ වෙනුවට ඔවුන් තමන්ට සැමදා සෙවණ සැපයූ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කර මේ ර‍ට දේවරාජ්‍යයක් කිරීමේ බොලද සිහිනයක ඇලි ගැලී කුමන්ත්‍රණය කරති. මුස්ලිම්කරණයට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය කතෝලික හා ක්‍රිස්තියානි අධිකාරියට මේ යුගයේ දැනී ඇතත් ඒ සදහා සෘජුවම ඉදිරිපත් වීමට ඔවුන් සූදානම් නැති අතර ඒ පිළිබදව අනුගමනය කරන්නේද සුපුරුදු දෙපිටකාට්ටු පිළිවෙතයි. ඉස්ලාම් අන්තවාදය ගැන රට අවදිකරමින් ජාතියත් බුදු දහමත් යළි ගොඩ නැගීම සදහ පෙරට ආ බෞද්ධ සංවිධානවලට එරෙහිව අන්තර්ජාල හා මාධ්‍ය හරහා දුර්මත ඇති කිරීමට ප්‍රමුඛ වී ක්‍රියා කරන්නේ බහුතරයක් ක්‍රිස්තියානීන් ය. එක් පැත්තකින් ඔවුන් සිංහල බෞද්ධයින් පලිහක් කරගෙන මුස්ලිම් අන්තවාදයට මුහුණදීමට සූදානම් වුවත් අනිත් පසින් බොදු පුනර්ජීවනයක් ඇති වෙනවාට එරෙහිව අකුල් හෙලති. ඔවුන්ගේ මේ දෙපිටකාට්ටු පිළිවෙත ගැන සිංහල බෞද්ධයන් අවබෝධ කරගත යුතුය.

කෙසේ වෙතත් ඇතිවෙමින් පවතින භයානක අන්තරාය ගැන අවබෝධ කරගෙන (නායකයන්ගේ පිළිවෙත කෙසේ වෙතත්)ඔබේත් මගේත් දරුවන් වෙනුවෙන් ඉස්ලාමීය අන්තවාදය එරෙහිව පෙළ ගැසෙන ලෙස හිතාදර කිතුණු සොයුරන්ගෙන් ඉල්ලා සිටිමු. වසර සිය ගණනක් තමන්ට සෙවන, ආරක්ෂාව ලබා දුන් සිංහල බෞද්ධ වෘක්ෂය කපා දමා තමන්ගේ සරණත් නැති නොකර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

සටහන - the Sword facebook magazine 2013.11.26

1 comment:

Designed By Published.. Blogger Templates