Breaking News

Thursday, November 28, 2013

රණවිරුවන්ට නිගා කර කොටින් සමරන ද්‍රෝහීන්ට දඩුවම් කෝ?

දශක තුනක් තිස්සේ පනස්දාහකට වැඩි අහිංසක ජනයාගේ ලේ රස බැලූ ප්‍රභාකරන් මිලෙච්ඡයාගේ උපන් දිනය සමරමින් ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව ඇතුළු බෙදුම්වාදයට කඩේ යන එන් ජී ඕ බලු නඩයත් කුණුකූඩයට වැටුණු පෙරටුගාමී කල්ලිය ඇතුළු කොටි හිතවාදීන් මෙරටත් ඉන් පිටතත් ඊළාම් මතවාදය යළිත් ප්‍රචාරය කරමින් සිටිත් දී  ව්‍යවස්ථාවටත් රටේ නීතියටත් පයින් ගසමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් "ප්‍රභාකරන් වීරයකු" බව පාර්ළිමේන්තුව තුළදීම ප්‍රකාශ කර තිබේ. 2009 දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ පෙරමුණ පරාජය කිරීමෙන් අනතුරුව කොටි සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කොටි හිතවාදී කණ්ඩායම් ගෙවුණු සිව් වසර තුළදීම උත්සහා දැරීය. ඊළාම් මතවාදය වෙනුවෙන් පෙනී සිටීම තහනම් කර තිබියදීත් රටේ නීතියටත් සරදම් කරමින් භයානක අනාගතයකට රතු එළි දල්වමින් දැන් කොටි හඩ දියවන්නාවේ පාර්ලිමේන්තුව දක්වාම  දෝංකාර දෙන්නට පටන්ගෙන තිබේ. කොටි මහවිරුවන් සැමරිම හා සමරු වැඩසටහන් පැවැත්වීම ඒ වෙනුවෙන් පෙනී සිටීම පවා නීති විරෝධී බව ආරක්‍ෂක අංශ පුන පුනා නිවේදනය කර ඇත. එසේනම් දැන් කළ යුතුව  ඇත්තේ වහාම නීතිය කි‍්‍රයාත්මක කර නීතිය කැඩූවන්ට දඩුවම් කිරීමය. හුදු නිවේදන පමණක් පලක් නැත.

පහත උපුටා දැක්වීම

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය.

පාර්ලිමේන්තුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ධරන්ගේ “කාඩ්බෝඩ්” වීරත්වය හා ඊනියා සිංහල නායකයන්ගේ නොහැකියාව.
හඩ පටය

යුධ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තුළ පමණක් හීලෑ වූ දෙමළ බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය අපේ පාර්ලිමේන්තුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් සිහිනය සැබෑ කරන්නට තරම් “බලවත්” වෙද්දී‚ සිංහලයින් ලෙස උපත ලබා සර්වාගමික‚ සර්ව ජාතික‚ බහු සංස්කෘතික‚ ශ්‍රී ලාංකිකයින් ලෙස බෞතීස්ම වෙමින් සිංහල ජාතිය දංගෙඩියට යවන්නට කටයුතු සළසන ඊනියා නායකත්වය‚ “පාර්ලිමේන්තුව” තුළ ප්‍රදර්ශනය කරනු ලබන නිවට නොහැකියාව හෙළිදරව් කිරිම තවදුරටත් පමා කල යුතු නැත . පාලිමේන්තුවෙන් පිටත , විග්නේෂ්වරන් මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සහ ඇතැම් ප්‍රකාශයන්, ද්‍රවිඩ සන්ධානයේ පාලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඇතැම් ප්‍රකාශයන්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ලංකාවට පැමිණීම‚ එතුමිය කළ කී දෑ , පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ හැසිරීම , පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට නොපැමිණීයද ඉන්දියාව සහ කැනඩාව වැනි රටවල් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ස්ථාවරය‚ සමල සන්සන්දනාත්මකව බලද්දී‚ එවැනි ජාත්‍යන්තර බෙදුම්වාදයෙන් පෝෂණය ලබන ලංකාවේ දෙමළ බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණත වන දෙමළ ජාතික සංධානයේ ක්‍රියාත්මක වන්නේ සැගවුනු න්‍යාය පත්‍රයක පිහිටා බව ඉතා පැහැදිලය. එම අනතුර කෙසේ වුවද ශ්‍රිධරන් මන්ත්‍රීවරයා පැය භාගයකට ආසන්න කාලයක් මිලේච්ජ ත්‍රස්තවාදියක්‚ ජාතික විරුවකු , විමුක්තිකාමියකු ලෙස උලුප්පා දක්වමින් කල කථාව අතරතුර යටත් පිරිසෙන් සුළුබාධාකිරිමක් හෝ කිරිමට මෙරට අති බහුතරයක් බෞද්ධ ජන්දයෙන් පාලිමේන්තුවට ගිය එකදු සිංහළ බෞද්ධයකු හෝ නොසීටීම කියාපාන්නේ අප ජාතියක් ලෙස බලවත්‍ ඛේදවාචකයක් ඉදිරිපිට සිටින බවයි. ශ්‍රි ධරන් මන්ත්‍රීවරයාගේ කථාවෙන් පසු එයට එරහිව අදහස් පලකල ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ මංත්‍රිවරුන්ට අපි ස්තූතිවන්ත වන්නෙමු . එහෙත් එකි සිංහල ජාතික වීරයන් පිළිබදව විනාඩියක ප්‍රකාශයක් හෝ පාලිමේන්තුවේ කථා කිරිමට අපොහොසත් වීම හෙවත් තමන් සිංහළ බෞද්ධයකු යැයි කියාගන්නා අපේ මහජන නියෝජිතයන්ගේ නොහැකියාව ආවරණය කර ගැනීමට එය කිසිසේතම ප්‍රමාණවත් නොවේ.

පාලිමේන්තුවේ අති බහුතර සිංහල බෞද්ධ මහජන නියෝජිතයන් ඉවසා සිටීම දහස් සංඛ්‍යාත රණවිරුවන් ජීවිත පූජාවෙන් ලෙයින් කදුළින් දිනා දුන්නා වූ සාමයේ අභිමානයත් ප්‍රජාතන්ත්‍රවාදයත්‚ ප්‍රජාතන්ත්‍රවායේ මහගෙදරදී සුනුවිසුනු කර දැමීමක් ලෙස හැදින්වීමට සිදුවී තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධනයේ පාලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රිධරන් මහතා අයවැය විවාදය අතරතුරදි මිලේච්ජ ත්‍රස්තවාදි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජාතික වීරවරයකු , විමුක්තිකාමියකු ලෙස උලුප්පා දක්වමින් පාලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය බොදු බල සේනා සංවිධානය දැඩිපිළිකුලෙන් යුතුව හෙලා දකි . ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය දෙමළ බෙදුම්වාදයේ ඉතා මෑත ඉතිහාසයේ සිදුවු අනිකුත් කරුණු සමග සසදා බලද්දී දැඩි අනතුරක් ඉගි කරයි. මහජන බදු මුදල් වලින් වැටුප් ලබන මන්ත්‍රිවරයකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් රට බෙදිමට සහය නොදෙන බවටත් දිවුරුම් දිය යුතු අතර ඉහත ප්‍රකාශය කිරිමෙන් ශ්‍රිධරන් මන්ත්‍රිවරයා ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාව‚ එය සම්මත කළ ස්ථානයේ සිටම අමු අමුවේ ප්‍රසිද්ධියේ උල්ලංඝනය කර ඇත ඒ අනුව මෙම මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස බොදු බල සේනා අදාල අංශවලට බල කර සිටී...


thesword|facebook|2013.11.28


No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates