Breaking News

Monday, November 11, 2013

නැගිටින්න කාලෙ හරි

‘වර්තමානයේ අපේ බුදුදහමට බලපෑම් රාශියක් එල්ලවෙමින් පවතිනවා බුදුදහම විනාශ වෙන්න යනවා කියන්නේ සුරංගනා කතාවක් නොවෙයි’ යැයි ශ‍්‍රද්ධා පදනමේ ලේකම් රනනැලිගම තුෂිතාලංකාර හිමියන් මීරිගම යොවුන් නිකේතනයේ දී පැවැසූහ.

ශ‍්‍රද්ධා පදනම බොදු සව්වන්ගේ අභිමානවත් සංක‍්‍රාන්තිය නමින් මීරිගම යොවුන් නිකේතන රංග ශාලාවේ දී නව සංවිධානයක් ලෙස පිහිටුවා ගැනීමේ මංගල රැුස්වීමේ දී උන්වහන්සේ එසේ පැවැසූහ.

‘හැම වෙලාවෙම මහා සංඝ රත්නය තමයි පෙරමුණ ගත්තේ. කලට වේලාවට පෙරමුණ ගත්ත නිසා තමයි මෙහෙම ඉන්නේ. අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න පුළුවන් ජාතීන් ඉන්නවා. අපි සංස්කෘතික වශයෙන් සමානයි. එකට ජීවත් වෙන්න බැරි පරිසර අන්තවාදීයෝ දැන් ජීවත් වෙනවා.

ජනාවාස ටික කලක් යනකොට තට්ටු නිවාස වෙනවා. පාසල් අසලට ඇවිත් ආක‍්‍රමණය කරනවා. පන්සලට දන් ටිකක් දෙන්න කෙනෙක් නැතිව හාමුදුරුවන්ට සලකන්න කෙනෙක් නැතිව යනවා. ශිලා ලිපි ලේඛන විනාශ කරනවා. අලූත් ලිපි ලියනවා. දැන් විකෘති ඉතිහාසයක් හදාගෙන යනවා. ඉස්ලාම් අන්තවාදීන්ගේ සෙවනැල්ල රට තුළ ගමන් කරනවා. අපේ රටේ ආර්ථික මර්මස්ථථාන අල්ලාගෙන තියෙනවා. උගුරට ම හිරවෙනකොට තමයි දැනෙන්නෙ.

සුළු ජාතිය අද බලවත් ජාතිය බවට පත්වෙලා. අපට නැගිටින්න අවස්ථාව ඇවිල්ලා පුංචි පවුල් රත්තරන් කියන ආකල්පය වෙනස් කරන්න ඕන. මේ විදිහට ආකල්පමය වෙනසක් හදාගත්තොත් තමයි අවුරුදු 10 – 12 යන්න කලින් වෙන්න යන විනාශය වළක්වාගන්න පුළුවන් වෙන්නෙ’ යයිද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කීහ.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates