Breaking News

Friday, October 10, 2014

චීවරයේ ගෞරවය කෙළෙසන භික්ෂූන් වහන්සේගේ පිට කොදු කඩන සර්වාගමික හූනියම

                            


"මාලිගාවේ සඳලු තලයෙන් මහ මග බලාගෙන සිටින අශෝක අධිරාජයාණෝ වේදනාවෙන් වෙලී ගිය සිත සනහාලමින් වැඩම කරන කසාය වර්ණයෙන් බබළන පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රූපකාය දුටහ. රජතෙමේ ස්වකීය ඇමතියන් බණවා මේ සාමණේරයන් මාළිගයට වැඩම කරගෙන එන්නැයි අණ කර සිටියහ. රාජ සභාවට වැඩි කුඩා තෙරණුවන් අමතා සුදුසු අසුනක් බලා වැඩ හිදින්නැයි අධිරාධයා කී කළ සුදුසු තැනක් බැලූ කුඩා නිග්‍රෝධයන් වහන්සේ මහ රජුගේ සිංහාසනයේම අසුන් ගත්හ. තමා ඉදිරියේ ඉන්නේ මුළු දඹදිව් තලයටම අධිපති අශෝක අධිරාජයා බව කුඩා හිමියෝ දනී. එහෙත් මොහොතකටවත් කිසිදු තැතිගැන්මක්,බියක් උන් වහන්සේට ඇති නොවීය. මහා අධිරාජ්‍යයක් බියෙන් සළිත කළ චන්ඩාශෝකයන්ට වඩා ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භගවත් සම්මා සම්බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු වන තමාත් තමා පිහිටකොට ගත් සද්ධර්මයත් බලවත් බව කුඩා සාමණේර හිමියෝ දත්හ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සිහසුන අරා වැඩහිද දහම් දෙසත් දී බිම හිද ගත් අශෝක අධිරාජයා තෙරුවණේ සරණ ගිය උපාසකයකු වෙමින් ධර්ම රාජ්‍යයට පිළිපන්හ."
එදා මහා අධිරාජයන් ඉදිරියේ පවා හිස නොනැවූ, රජුන් මැතියන් හමුවේ දෙවැනි නොවූ නිග්‍රෝධයන් වහන්සේලා අද වැඩ සිටිත්දැයි අපි නොදනිමු. ජාතියේ පිනෙන් තවත් පන්දහසක් කල් සසුනත් ජාතියත් මේ බිමේ ජීවමාන කරවන ජීව රුධිරය වූ මහ යතිවිරුවන් ලෙස හෙට බිහිවන්නට සිටින නිග්‍රෝධයන් වහන්සේලා ජාතියේ පවට උපන් ගෙයිදීම මරා දමමින් සිටින බව පමණක් අපි දනිමු. අස් පනා පිටම දකිමින් සිටින්නෙමු. බුදු රුවණත්, දහම් කදත්, සග රුවණත් තරම් වූ තවත් පූජනීය වස්තුවක් නැති බෞද්ධයෝ හිස් මුදුනේ තබාගෙන තෙරුවණ රකිත් දී මහා සගරුවණ හතර පේරුවේ දායකයන්ටත්, බුදු සසුන සුරකින සිංහල ජාතියටත්, මේ පින් බිමටත් රැකවරණය සදන මහා පවුරක් වෙමින් පෙරළා යුතුකම ඉටු කළහ. පර සතුරන් ඉදිරියේ පසු නොබා දිරිය වඩා දිවි පුදා තුන් හෙළයත් සම්බුදු සසුනත් රැකගත් ජාතියේ මුර පවුර වූ ඒ අදීන භික්ෂූන් වහන්ගේ දෑස් සර්වාගමික සහජීවනය නම් වූ කඩතුරාවෙන් වසා, මුඛවාඩම් දමා, උන්වහන්සේගේ පිට කොදු බිද කහ සිවුරේ රැකවරණය අහිමි කර ජාතියත් සසුනත් මළගමට දක්කන මළ යක්ෂයන් මේ පින් බිමේ පිණුම් ගහන කාලකණ්නි යුගයකට අපි පිවිස සිටින්නෙමු.
පසුගිය සැප්තැම්බරයේ කාලකණ්නි දවසක මෙකී තුච්ඡ වූ අශික්ෂිත සර්වාගමික නරිනාටකයේ තවත් අලජ්ජී දර්ශනයක් රග දැක්වී තිබිණි. තැන අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ අරාබි මුස්ලිම් විදුහලකි. ඒ පිළිබදව මතුගම සෙනෙවිරුවන් ශූරීන් තබා තිබූ සටහනක් ඒ ආකාරයෙන්ම මෙතැන තබමු.
"හොරොව්පතාන කියන්නේ නුවර කලාවිය නොහොත් අනුරාධපුර පළාතේ තියෙන ඓතිහාසික නගරයක්. මීට වසර සියයකට පමණ එහා මේ පළාතෙ මුස්ලිම් කඩයක්වත් දකින්නට තිබුණේ නැහැ. නමුත් 1915 න් පස්සෙ අපේ සද් ගුණවත් රටේ මහත්තුරු නිසා රෙදි වෙළෙඳාමෙ ගිය මරක්කයෝ කීප දෙනෙක් මෙහි බින්න බැස්සා. හරක් මරල බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මස සපයන කොන්ත්‍රාත් අරගෙන හිටිය රටේ මහත්තුරු උන් ලව්වා හරක් ඇති කරලා ඒ ජාවාරමත් කලා කියලයි කියන්නේ. කාලයක් යන කොට මේ හරක් පට්ටි අතහැරලා හිටිය ගම්මාන මුස්ලිම් අයට සින්න උනා. පස්සේ පස්සේ මරක්ක ජනගහනය වැඩි වද්දී මේ පළාතේ තියෙන ඓතිහාසික සිද්ධස්ථාන වල දැගැබ් හාරමින් මේ අය පොහොසත් වුණා.අවුරදු තිහක් තිස්සේ මේ පළාතටත් කොටි ගැහැව්වා. සිංහල මිනිස්සු අනාථ වීමේ නිමක් තිබුණේ නැහැ. නමුත් දේශපාලකයන් කලේ චන්ද ටික අරගෙන පළාතේ වනය විනාශ කරන්න නිදන් හාරන්න ව්‍යාපෘති හදපු එක විතරයි. මේ මෑත කාලයේ අලිගාලක් හැදුවේ ඒකටයි. දැන් යාන් ඔය ජලාශය හදනවා කියලා සිංහලයන් ඉතිරි ටිකත් අවතැන් කරලා කොම්පැණි වලට උක් වවන්න ඉඩම් දෙන්නයි ලෑස්තිය.
කොටි යුද්ධ කාලේ මේ පළාතට ආපු සංවිධානයක් තමයි. වර්ල්ඩ් විෂන් කියන්නේ. පළාතේ ප්‍රාදේශීය ලේකම් අල්ලගෙන ආධාරබෙදමින් ඔවුන් කලේ ක්‍රිස්තියානි අදහස් පතුරවන්න පරිසරය හදන එකයි. මේ සංවිධානයේ මූලිකත්වය ගෙන කටයුතු කළ එක ස්වාමීන් වහන්සේ නමක් තමයි. පූජ්‍ය අලුවිහාරේ විමලරතන හිමියන්.තනතුරු වලට කීර්තියට කැමති උන්වහන්සේ වර්ල්ඩ් විෂන් ව්‍යාපෘති වලින් පළාතේ පිළිගැනීමක් අත්පත් කරගෙනයි හිටියේ. ඒ නිසා කලක් යනකොට වර්ල්ඩ් විෂන් එක නැතිවම බැරිවුණා. යුද්ධය ඉවර වුණා. මේ පළාතේ මිනිස්සු ටික ටික තමන්ගේ වැඩ රාජකාරි කරගන්නට පෙළඹුණා. දැන් අර හාමුදුරුවන්ට ඉස්සර වගේ ව්‍යාපෘති වලට කැප වෙන්නට විදියක් නැහැ. මේ නිසා හාමුදුරුවන් තවත් රාජ්‍ය නොවන සංවිධානයකට එකතු වුණා. ඒකට කිය්නේ මුස්ලිම් ඒඩ් කියලයි. යුද්දෙන් අවතැන් වූ මුස්ලිම් අයට ගෙවල් හදාදෙන මේ සංවිධානය නිසා ටික ටික හාමුදුරුවන් මුස්ලිම් අය එක්ක බෙහෙවින් කුළුපග වුණා. මේ පළාතේ ඉන්න තවත් ස්වාමීන් වහන්සේ නමක් වන වැලිමුවපොතානේ පියරතන හිමියන් ද මේ සංවිධානයට එකතු වුණේ අහම්බෙන් නොවෙයි. ස්වර්ණතිලකාරාමයේ විහාරාධිපති වශයෙන් හොරොව්පතානේ මල්වතු පාර්ශවයේ නායක හිමියන් විදියට. කදිම එකතු වීමක් . මේ ස්වාමීන් වහන්සේලා දෙනම එකතු වෙලා හැදුවා නේපර් කියලා අන්තර් ආගමික සහජීවන නඩයක්. මේකට සියළුම ආගම් නියෝජනය කරන අය ඉන්නවා. මේ විදියට ගිහින් විමලරතන හිමියන්ට අස්ගිරි පාර්ශවයේ නායක පදවියක් ලැබුණා. මේ නායක උත්සවය සංවිධානය කරන්න බර පැන යෙදෙව්වේ මුස්ලිම් නඩයයි. ඉතින් නායක උත්සව පෙරහැරේ මුස්ලිම් දරුවන් ගේ නැටුම් එහෙමත් තිබුණා.
දැන් වස් කාලයට බෞද්ධ පින්කම් වලටවඩා මේ ස්වාමීන් වහන්සේලාට පල්ලියේ උත්සව වටිනවා. නිතරම පල්ලියට දුවනවා රැස්වීම්වලට. අළුත්ගම දර්ගානගරයේ සිදු වීම් වලින් පස්සේ අන්තර් ආගමික කමිටු හදන්නත් මුල් වුණා. පාසල් ළමුන් කණ්ඩායමක් උතුරට අරන් ගිහින් ජාතීන් අතර සහජීවනය උගෙන ගන්න යන ගමනකුත් සංවිධානය කලේ උන්වහන්සේලයි. පසුගිය සැප්තැම්බර් මස දහවන දා මේ නේපර් සංවිධනයට විශේෂ දවසක්. සිද්ධාර්ථ පිරිවෙනේ පොඩි හාමුදුරුවරුන් ඇතුළු පිරිසක් සමග එදා මේ නායක ස්වාමීන් වහන්සේලා දෙපළ සේරුවිල වන්දනාවේ පිටත්වුණා. රැළපනාවේ මෙන්ම අඹගස්වැවේ ලොකුහාමුදරුවන් දෙපළත් මෙයට එක් වුණා. කන්තලේ දී මේ නඩය දහවල් දානෙට ගියේ පන්සලකට නොවෙයි. අරාබි විදුහලකටයි. මෙය කලින් කතා කරලා සංවිධානය කළ වැඩක්. ඉතින් එහෙදී රැස්වීමක් එහෙම පවත්වලා ආගමික සහජීවනය ගැන කතා කරලා මුස්ලිම් අය එකතු වෙලා දානයකුත් පිළිගැන්වූවා. හරක් මස් ඉස්ටු සහිත මේ දානය මහත් ඵල ආනිසංස දෙනවා කියලා සුපුරුදු වියට අනුශාසනාව සිද්ද වුණා. අර උත්සවේ දි පොඩි හාමුදරුවන් පිරිසට කුරානයේ පිටපත් එහෙම දීලා ඒ අය කිව්වේ මුස්ලිම් අගමට ආවොත් ගොඩක් සැලකිලි ලැබෙනවා කියලයි. මේ උත්සවේ ඡායාරූප අරෙගෙන අන්තර් ජාලයට එහෙම මුදා හැරලා තිබුණේ මුස්ලිම් සංවිධානයක් විසිනුයි. ඉතින් සේරුවාවිලට එක්ක ගෙනගිය අරාබි විදුහලේ ළමුන් තොප්පි පැළඳ ගෙන විහාරස්ථානයට ඇතුළත් වුණා කියලා තවත් ජරමරයක් වුණා කියලයි ආරංචි........" (උපුටා‍ ගැනීම අවසන්)
කහ සිවුරේ බලය තිබෙන තුරු සිංහල ජාතියත් සම්බුදු සසුනත් මේ බිමෙන් තුරන් කළ නොහැකි බව එදා මෙදාතුර මේ රටට ඉව කරන පර සතුරන් දැන සිටියහ. "මේ රටේ කහවත් දරණ අරුම පුදුම මනුශ්‍ය කොටසක් ඉන්නවා, උන් රටවැසියන්ගේ මරණෙට මගුලට දුකට සැපට හැම එකකටම සම්බන්ද වෙලා කටයුතු කරනවා. උපදෙස් දෙනවා. රට වැසියෝ සංවිධානය කරනවා. මේ කහකඩ හමුදාව ඉන්නකල් අපට මේ රට යටත් කරගන්න බෑ" යන අදහස ඇතිව එදා සුදු ආණ්ඩුකාරයා බිරිතානියේ මහ ඒජන්තයාට ලියන්නේද ඒ නිසාය. එතැන් සියවස් ගණනකට පසු අදත් මේ සිංහල භූමියෙත්, ජාතියෙත්, සසුනේත් රැකවරණය මහ සගරුවණ බව පර සුද්දන් මේ බිමේ බෝ කර ගිය පව්කාර කළු සුද්දන් ද, වෙළදාමේ ආ දකුණු ඉන්දීය මහමදික මස්වැද්දන්ද ප්‍රමුඛ පර සතුරෝ දනිති. කහ සිවුරේ බලය බිද භික්ෂූව නිවට නියාලු චරිතයක් කරවීමෙන් මේ ජාතිය සදහටම හාන්සි කරවිය හැකි බව උන් දනිති. කතෝලික පල්ලියත්, ක්‍රිස්තියානි එවැන්ජලික නඩයත්, මුස්ලිම් මස් වැද්දනුත්, ධනයට බලයට කෑදර වූ ජාතියේ පවට ඉපදුණු ඉනා බේත් කා සහජීවන රුදාව හැදුණු චීවරධාරීන් කිහිප දෙනෙකුද හවුල් කරගෙන ඔළමොට්ටල පාළකයන්ට අං තට්ටු පළදවා නාස් ලණු දමා සර්වාගමික සර්වජාතික ඈ එකී නොකී නිවට සංකල්ප ජනගත කරවමින් දැන් කරළියේ රගදක්වමින් සිටින්නේ භික්ෂූව බෙලහීන කර, ජාතිකත්වයේ ගෙල සිර කර ජාතියත් සසුනත් සුන් කර මේ බිම පැහැර ගැනීමේ ඒ අධම නාටකයයි.
ඉවසා දරාගත නොහැකි හද කකියවන සිදුවීම නම් හෙට දිනයේ රටත්, ජාතියත් සසුනත් බාර ගන්නට සිටින, ජාතියට සසුනට රැකවරණය සදන මුර දේවතාවුන් වන්නට සිටින අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාද මේ පාපතර මළ යක්ෂයන්ගේ පෙරේත තටුවල ගොදුරුට තැබීමයි. අහෝ... ශාසනාරක්ෂක දෙවියනි. අහිංසක සාමණේරයන් වහන්සේලා පස්පවේ ගිළුණු පව්කාර මස් වැද්දන්ගේ දෙපා මුළ දණ ගස්සවමින් මුන් මේ බිළි දෙන්නේ රජ මැතියන් ඉදිරියේ හිස නොනැමූ උත්තරීතර භික්ෂූත්වයේ ගෞරවය පමණක් නොව. පිට කොදු කඩා මේ උපන් ගෙයිදීම මරා දමන්නේ හෙට බිහි වන්නට සිටින දැයට සමයට පණ දුන් ගුණානන්ද, සුමංගල යති පරපුරේ ආගමනයයි.
සකල දේශ වාසී සිංහල බෞද්ධයිනි, ජාතියේ මිනී වල කපන සර්වාගමික මළ පුඩුවට එරෙහි වව්!

1 comment:

  1. Titanium Ore Tray - A Tinted Steel Frame - Titanium Art
    › titanium-arts-com titanium wedding rings › titanium-arts-com › titanium-arts-com › dental implants titanium-arts-com › titanium-arts-com › titanium-arts-com › titanium-arts-com › rainbow titanium titanium-arts-com › infiniti pro rainbow titanium flat iron titanium-arts-com- › titanium-arts-com-dont-believe. black titanium rings

    ReplyDelete

Designed By Published.. Blogger Templates