Breaking News

Friday, October 10, 2014

ගම්පොල රාජධානියත් පාවා දුන් දේශපාලන කුඩ්ඩෝ

ලක්දිව රාජාවලියේ සුවිශේෂී මග සළකුණු රැසක් සනිටුහන් වූ ගම්පොල රාජධානිය මේ වනවිටත් සිංහලයන්ට අහිමිවෙමින් පවතී. අතීතයේ ගංගාශ්‍රීපුර නමින් හැදින් වූ රාජධානියේ ප්‍රධාන නගරය වූ මහවැලි ඉවුර අසබඩ පිහිටි මධ්‍යම පළාතේ ප්‍රධාන වාණිජ නගරයක් වූ ගම්පොල නගරය සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජාතිකයන් විසින් අත්පත් කරගෙන අවසානය. 1950 දශකයේ ගම්පොල නගරයේ වෙළදාම් 100%ක්ම පැවතුනේ සිංහල වෙළදුන් අතයි. කුළුබඩු වෙළදාම සදහා පැමිණි මුස්ලිම් ජාතික වෙළදුන් තුන් දෙනෙකුගෙන් ආරම්භ වූ මුස්ලිම්කරණය අද වන විට නගරයේ වෙළද අධිපත්ය 90%කටත් වඩා අත්පත් කරගැනීමට තරම් වර්ධනය වී ඇති පසුබිමක සුළුතර සිංහල වෙළදුන් දැඩි ලෙස අපහසුතාවට හා අසාධාරණයට ලක්ව ඇත.

කප්පම් කල්ලිවලින් හා මුස්ලිම් ජාතිකයන්ගෙන් එල්ල වන පීඩනයට එරෙහිව සුළුතර සිංහලයන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටි "තගරියකු ලෙස ඇතැමුන් හැදින්වූ" එක්තරා පුද්ගලයකු මීට වසර කිහිපයකට පෙර අභිරහස් ලෙස මරා දැමුණු අතර එම ඝාතනයට සම්බන්ධ වූ කුඩු කප්පිත්තෙකු ලෙස නම් දැරූ කලින් එජාප රජයේ හා දැන් සන්ධාන රජයේ ඇමතිකමක් දරන ගම්පොල ප්‍රසිද්ධ මුස්ලිම් දේශපාලකයා ගැන දන්නෝ දනිති. මේ ලෙස තමන්ට එරෙහිව නැගී සිටින සියළුම බලවේග මර්ධනය කරමින් සමස්ථ ගම්පොල නගරයේම ආධිපත්‍ය පැතිරවීමට මුස්ලිම් බලවේග කටයුතු කර ඇත. ගම්පොල නගරයේ තත්වය මෙසේ වෙත්දී අවට ප්‍රදේශවල ද තත්වය මීට දෙවෙනි නොවේ. දවුලගල, වෙළම්බොඩ, ගෙලිඔය ඇතුළු සීඝ්‍රලෙස මුස්ලිම්කරණයට ලක්ව ඇති ප්‍රදේශවල වල කුඩු ජාවාරම, හොර හරක් ජාවාරම, කසල තේ ජාවාරම ඇතුළු සියළු හොර ජාවාරම් යහමින් සිදුවන ජාවාරම්කරුවන්ගේ රජදහන් බවට පත්ව ඇත. ඇතැම් අවස්ථාවලදී පොලිස් අන පවා නොතකන තරමට මුසල්මානු ජාවාරම්කරුවන් බලවත් වී ඇත. (දවුලගල දී කසල තේ ජාවාරම්කරුවන් ඇල්ලීමට ගිය පොලිස් ජීප් රථය ගිනි තැබීම)

මේ සියල්ලටම වග කිවයුත්තේ කවුද? තට්ටුමාරුවට ප්‍රදේශය පාලනය කළ අවස්ථාවාදී දෙස්පාලකයන් සහ තුට්ටුදෙකට තමන්ගේ නිජ භූමිය පරහට විකුණාදැමූ සිංහලයන්මය. එයිනුත් වසර පනහක් තිස්සේ ගම්පොල තමන්ගේ නිළ නොලත් රාජ්‍යයැයි සිතා සිටින කුඩු ජාවාරම්කරුවන්ගේ පිට කසන දේශපාලුකයා හා ඔහුගේ හෙන්චයියන්ය. තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතියේ අනාගතයත් පාවා දෙමින් ගම්පොල රාජධානිය මුසල්මානුවන්ට පවරා දුන් මොවුන් රාජකීය උරුමයද මහ දවාලේ මංකොල්ල කමින් මිළ කළ නොහැකි අම්බුළුවාව ජෛව විවිධත්ව රක්ෂිතයට කර ඇති සහගහන ජාතික අපරාධය ගැන අපි අමුතුවෙන් සදහන් කළ යුතු නැත. අම්බුළුවාව කදු මුදුනේ වැඩ සිටි බුදු පිළිම වහන්සේද පෙරළා දමා එතැන ගොවි සෑය නම් වූ බහුබූතයකුත් සර්වාගමික ගුබ්බෑයමකුත් ඇටවූයේ මෙකී දේශපාලකයාගේ සර්වාගමික රුදාව සමනය කරගැනීමට පමණක්ම නොව බුවනෙකබාහු රජුන්ගේ නිදන් වදුල කොල්ලකෑමට බවද නොදන්නෝ නොවෙති.

දිනෙන් දිනම කුඩ්ඩන්ගේ හා අන්‍යජාතියක්ගේ පාරාදීසයක් වන ගම්පොල නගරය බේරාදෙන්නැයි ඉල්ලමින් පූජ්‍ය උනන්විටියේ ශාන්තභද්‍රහිමියන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබිණි. පහත දැක්වෙන්නේ 2013.12.26 මව්බිම පුවත්පතේ පලවූ ඒ සම්බන්ධ පුවතයි.

ගම්පොළ පොලිසිය හා උසාවිය නගර මධ්‍යයෙන් ඉවත්කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස් එම ඉඩම කුඩු ජාවාරමේ මූලිකයකුට ලබාදී කෝටි ගණනක සන්තෝසම් ලබාගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු උත්සාහයක යෙදී සිටින බව උනන්විටියේ ශාන්තභද්‍ර හිමි (අම්බුළුවාවේ හාමුදුරුවෝ) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

උන්වහන්සේ ලිපියෙන් ආරක්‍ෂක ලේකම්වරයාට පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවට ඉඩ දුනහොත් ගම්පොළ ජාතියම විනාශ වී යනු ඇති බවයි. සිංහල රාජාවලියේ රජවරුන් හයදෙනකු පමණ රජකම් කළ මේ රාජධානිය වත්මන් යුගය වනවිට අපගේ බලය සියයට දහයක්වත් නොමැති තත්ත්වයට වත්මන් දේශපාලනඥයන් පත්කර ඇති බවද ගම්පොළ හදවත වැනි දුම්රිය ස්ථානය අසල පිහිටි විශාල කුඹුරු ඉඩම පොදු අවශ්‍යතාවකට පවරා නොගෙන ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු එකතුවී එය ගම්පොළට පිළිලයක් බවට පත්ව ඇති පුද්ගලයකුට මිලට ගැනීමට කටයුතු කර ඔහුගෙන් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවද, උන්වහන්සේ ආරක්‍ෂක ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

ජාතික උරුමය රැකීමේ මධ්‍යස්ථානය නමින් බෝඩ් සවිකරගෙන මහර වෙල්යාය ගොඩකරමින් මේ දේශපාලනඥයන් ජාතියම වනසන බවද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ගම්පොළ පිළිබඳ සැබෑ තත්ත්වය දන්නේ දිවියෙන් වැඩිසරිසක් ගෙවා අදත් එහි ජීවත්වන තමන් වහන්සේ බවද අමු අමුවේ ජාතිය වනසන දේශපාලනඥයන් සුදනන් කිරීමට කතාකරන හාමුදුරුවරු වන්දිභට්ට කතා කියන්නේ ඔවුන්ගෙන් වාසියක් ගැනීමට මිස රටට ආදරයෙන් නොවන බවද අම්බුළුවාවේ හාමුදුරුවෝ එම ලිපියෙහි දක්වා ඇත.

මේ ජාතික විපත ගැන රටට හඬ නඟා කී ඕමල්පේ සෝභිත මාහිමියන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු යැයිද, ගම්පොළ ජාතිවාදී විනාශයෙන් බේරාගැනීමට පොලිසිය හා උසාවි ගොඩනැඟිල්ල පිහිටි බිම් ප්‍රදේශ රජයට පවරාගෙන එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ සිය ලිපිය මඟින් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates